Saturday, 30 April 2022

“අඳුරේ අතපත ගෑවොත් මේ ආර්ථික කුණාටුවෙන් රට විනාශ වෙලා ම යනවා”: ආර්ථික විශ්ලේෂක හේම සේනානායක


ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන හේම සේනානායක අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් ප්‍රාන්තයේ ජීවත් වන අයෙකි. ඔහු එක්සත් ජනපද ආර්ථිකයේ උච්චාවචනයන් සම්බන්ධව පර්යේෂණ ග්‍රන්ථ කිහිපයක් ම එළිදැක්වූ විද්වතෙකි. ඔහු ආචාර්ය උපාධියට හදාරා ඇත්තේ අමෙරිකාව ඇතුළු දියුණු ආර්ථිකයන්ගේ ණය අර්බුදයන්ට හේතුව කුමක් ද යන්න ය. ණය අර්බුදයන් ඔහුගේ ප්‍රධාන විෂය යි. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදය ජය ගත හැකි ද? හැකි නම් ඒ සඳහා අනුගමනය කළ යුතු උපායමාර්ග කවරේ ද? යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂක හේම සේනානායක මෙසේ අදහස් දක්වයි.

"ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි, ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට කෙටිකාලින විසඳුමක් සොයාගත නොහැකි වුණොත් අපට දිර්ඝකාලින විසඳුමක් පිළිබඳව සිතන්නටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. බොහෝ අය අදහස් ප්‍රකාශ කරනවා මේ අර්බුදය විසඳන්න අවුරුදු දෙකක් හෝ තුනක් ගත වීමට ඉඩ ඇත කියා. නමුත් එහෙම තත්ත්වයක් නොවේ තිබෙන්නේ. අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කෙටිකාලින විසඳුමක් සොයා නොගතහොත් දීර්ඝකාලීන විසඳුමකට කිසිසේත්ම පැමිණීමට නොහැකි තරම් දරුණු අර්බුදයක් ඉදිරිපිට යි අපි ඉන්නේ.

මේ නිශ්චිත මොහොතේදී අප තේරුම් ගත යුතුයි, කෙටිකාලීන විසඳුමකට එළැඹිය හැක්කේ අප විසින් දීර්ඝකාලින සර්ව ආර්ථික මූලෝපායයක් සකස් කර ගැනීමෙන් පමණයි. රට මුහුණ දී ඇති ප්‍රශ්නය පිළිබඳව මේ වන විට පුරවැසියන්ට යම් අවබෝධයක් තිබෙනවා. ආර්ථිකය සම්බන්ධ දැනුමක් තියෙන අය මේ අර්බුදය හඳුන්වන්නේ ගෙවුම් ශේෂ හිඟය පිළිබඳ ගැටලුවක් හැටියට යි. සාමාන්‍ය ජනතාව අර්බුදය දකින්නේ ආනයන සඳහා ඩොලර් සංචිත නැතිකමේ අර්බුදයක් හැටියට යි. පොදුවේ ගත් විට අර්බුදය සම්බන්ධයෙන් ජනතාව අතර අවබෝධයක් තිබෙන බව කිව හැකි යි. එය හොඳ තත්වයක්. නමුත් කනගාටුදායක තත්ත්වය වන්නේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධව නිශ්චිත විසඳුමක් රජයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොතිබීම යි.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුම් මාර්ග ගණනාවක් නැහැ. ඒක ම විසඳුම් මාර්ගයක් පමණයි තිබෙන්නේ. මට අවධාරණය කරන්න අවශ්‍ය වී තිඛෙන්නේ එය යි. ඉන් අදහස් වන්නේ රජයටත් ප්‍රධාන විපක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් විපක්ෂයේ අනෙකුත් සුළුතර පක්ෂ වලටත් පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති පෙරටුගාමී වැනි පවලටත් තමන්ට ම සුවිශේෂී වූ විසඳුම් මාර්ගයක් ඉදිරිපත් කරන්නට නොහැකි අවස්ථාවක් මේක. එයින් පෙන්වන්නේ ආර්ථික විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ කරගත් විසඳුම් මාර්ගයකට රටම එක්සත් කළ යුතු බව හා එක්සත් කළ හැකි බව ය.

මේ අර්බුදය සඳහා විසඳුමක් ගෙන ඒමේදී එවැනි එක්සත් බවක් අනිවාර්යයෙන් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් කනගාටුවට කාරණය වන්නේ අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට මේ ගැන නිවැරදි අවබෝධයක් නැතිකම. පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවලදී ඔවුන් කතා කළේ ව්‍යවස්ථාව වෙනස් කිරීම, විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වැනි දේශපාලන කාරණා සම්බන්ධවයි. විසඳුම් මාර්ග තිබෙන්නේ එකක් නම්, ඒ ගැන පාර්ලිමේන්තුවේ සියලු ම පාර්ශ්වයන්ට එක්සත් විය හැකි නම්, දැනට සිටින ජනාධිපතිවරයා හෝ ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරයා කවුද යන්න වැදගත් වන්නේ නැහැ. මක්නිසා ද යත් ආර්ථික විද්‍යාත්මකව තාක්ෂණික වශයෙන් නිවැරදි වැඩපිළිවෙළක් සඳහා පාර්ලිමේන්තුව මගින් රටම එක්සත් කර ඇති නිසා.

අවාසනාවකට පාර්ලිමේන්තුවේ සාකච්ඡා නොවන්නේ ඒ කාරණය යි. දැන් එතකොට අපට මතුවන ප්‍රශ්නය තමයි මොකක් ද මේ ආර්ථික විද්‍යාත්මකව නිවැරදි විසඳුම් මාර්ගය. ඒක තමයි තර්කානුකූල ප්‍රශ්නය. අපි මුලින් කතා කළා මේ ආර්ථික අර්බුදය ගෙවුම් ශේෂ හිහයේ ගැටලුවක් බව. එය වෙනත් ආකාරයකට සඳහන් කරනවා නම් ආනයනික භාණ්ඩ වලට ගෙවීම සඳහා අප සතුව විදේශ මුදල් නෑ. ඕනෑ ම රටක ගෙවුම් ශේෂ අර්බුදයක් උග්‍රවින අවස්ථාවකදී ඊට දේශිය විසඳුම් නැහැ. ඒක තමයි ඇත්ත.

අලුතෙන් ආපු මහ බැංකු අධිපතිවරයා රජයට සහ පාර්ලිමේන්තුවට, මේ අර්බුදය සඳහා දේශීය විසඳුමක් නොමැති බව පැහැදිලි කළ යුතුව තිබුණා. නමුත් ඔහු එසේ කළේ නෑ. ඔහු ඇවිදින් රටේ පොලී අනුපාතය වැඩි කළා. එය අර්බුදය සමහන් වීමට ප්‍රතිඵලදායක වුණේ නැහැ. දේශිය විසඳුම් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. ආනයනික භාණ්ඩ ප්‍රශ්නකාරී ලෙස සීමා කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව මහා භාණ්ඩාගාරය පාර්ලිමේන්තුවට කියන්නට අවශ්‍ය යි.

ඇත්ත වශයෙන් ම රටේ ජාතික සම්පත්, ඩොලර් සඳහා විකුණන්නේ නැතිව මේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අපට උදවු කළ හැකි පාර්ග තුනක් සිටිනවා. පළමුවෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. දෙවැනි කණ්ඩායම තමයි ණය හිමිකරුවෝ. තුන්වැනි පිරිස තමයි විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව. මේ පාර්ශ්ව තුනට ම මේ අර්බුදයේදී අපට ක්ෂණිකව උදවු කළ හැකි යි.

ගෙවුම් ශේෂ ගැටලුව ඉක්මනින් විසදා ගැනීම සඳහා මේ පා තුනම අපට ඉතාමත් වැදගත්. භයානක ම දේ තමයි මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳා ගත නොහැකි වුවහොත් දීර්ග කාලීන විසඳුම් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, රටේ අනාගතය පිළිබද විස් බලාපොරොත්තුවක් තැබිය නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.

ප්‍රධාන ම හේතුව තමයි අපේ ආනයනික කර්මාන්ත ව්‍යවසායයන් බිඳ වැටෙනවා. ඒවාට ක්‍රියාත්මක විය නොහැකි වෙනවා. පැවැතිය නොහැකි වෙනවා. ඔවුන්ගේ ජාත්‍යන්තර ඇණවුම් අහිමි වෙනවා. අවශ්‍ය පොහොර නොලැබීම නිසා තේ, පොල්, රබර් වගාවන් දුර්වල වෙනවා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙනවා. සමස්තයක් ලෙස ගත් කල ජාතික ආදායම හිනා වෙනවා. ව්‍යාපාරිකයන්ට තමන් අපේක්ෂිත ආදායම නොලැබී යන විට ආර්ථිකය කඩා වැටෙනවා. ණය ගෙවීම පැහැර හැරියොත් ක් නිකව බැංකු පද්ධතිය කඩා වැටෙනවා.

මෙහෙම වෙලා සේවා වියුක්තිය සියයට 60 ඉක්මවූ රටවල් තියෙනවා. ප්‍රශ්නය ඒ තත්වයට ගිය විට දිර්ඝකාලින විසඳුම් ගැන කල්පනා කිරීම ඉතාමත් අසීරුයි.

මේ කාරණය පිළිබඳව මහ බැංකුවේ අධිපති වන්ගේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉතා හොදින් දන්නවා. ඒ අය මේක විවෘතව කතා කරන්න ඕන. මා දන්නා තරමින් මේ ප්‍රශ්නයට දේශීය විසඳුමක් නැති බවත් ඔවුන් විසින් පාර්ලිමේන්තුව දැනුවත් කර නැහැ. කහ ගෙන්වීම නතර කිරීම හෝ මෝටර් රථ ගෙන්වීම නතර කිරීම, වගේ දේකින් වන්නේ ජාතික ජංගම ගිණුමේ සමබරතාව පවත්වා ගැනීමට සුළු උදව්වක් ලබාදීම පමණයි.

මා එය දකින්නේ අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට මිනිස්සු ගෙවතු වගාව ප්‍රවර්ධනය කරනවා වගේ වැඩක්. ප්‍රශ්නය විසඳනවා කියන්නේත්, ප්‍රශ්නය තුළ ජීවිතේ රැක ගන්නවා කියන්නේත් පැහැදිලිවම දෙකක්. මා නැවතත් කියන්නේ ගෙවුම් ශේෂ අර්බුදයට මේ මොහොතේදී දේශීය යාන්ත්‍රණ වැඩ කරන්නේ නැහැ.

පොළී අනුපාත වැඩි කළත්, ආනයනය සීමා කළත්, මේ ප්‍රශ්නය විසඳීම සඳහා උදව්වක් වන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳුණා කියලා අපිට දැනෙන්නේ රටේ විදේශ විනිමය සංචිත තහවුරු වූ අවස්ථාවක. දේශිය මුදලේ ස්ථායිතාව ඇති වූ විටෙක. මූල්‍ය ස්ථායිතාව ඇති වී තිබෙනවා ද යන්න වටහා ගැනීම සඳහා වන ගොඳ උදාහරණය වන්නේ අමෙරිකානු ඩොලරය සඳහා මහ බැංකුව ඉදිරිපත් කරන වටිනාකම සහ පෞද්ගලික මූල්‍ය වෙළෙඳපොළේ වටිනාකම අතර වෙනස අඩු විමය. ගැප් එක වැඩි නම් මූල්‍ය ස්ථාවරත්වයක් නැති බව පැහැදිලි වෙනවා.

දේශීය භාණ්ඩ හා ස්වා නිෂ්පාදකයන්ට තම ව්‍යවසායයන් තුළින් අපේක්ෂිත ආදායම පිළිබඳ පැහැදිලි විස්වාසයක් ඇති වන්නේ රටේ මූල්‍ය ස්ථාවරත්වය මතයි. අපි රට ගෙන යා යුන්නේ අන්න ඒ තැනට යි.

මුදල් අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශයන්ගෙන් වෙනස් වන්නේ සර්ව ආර්ථික මූලෝපායයන් වෙනස් කිරීම සඳහා ඊට ඇති විශේෂ බලය නිසයි. සර්ව ආර්ථික මූලෝපායයන් සකස් කිරීමේ හා වෙනස් කිරීමේ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයට පමණයි.

“අගමැති කරන දෙයින් බැඳපු හැම පිරිත් නූලකින් ම ශාපයක් වේවි” – ඕමල්පේ හිමි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා තැබූ සෑම පියවරක් ම අසාර්ථක බව ත් ඒ සෑම පියවරක් ම සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බව ත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 30) පස්වරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති සංඝ සම්මුතියක් සඳහා වූ මහා සංඝ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ජනාධිපතිවරණ වේදිකාවේදි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දු සිහිනයක් වී ඇති බව ද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

"ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොරොන්දු අපට සිහිනයක් බවට පත් කරමින් අද රටක් අනාථ වෙලා තියෙනවා. අපි දැක්කේ කුමක් ද? මේ වසර දෙකක පාලන ක්‍රමය තුළ තමන්ගේ හිතවාදීන් සහ පවුලේ සාමාජිකයින් අතර බලය බෙදා ගෙන රටේ ධනය මංකොල්ල කෑම සඳහා වූ ප්‍රස්ථාව සකස්කරලිම පමණයි.

දැන් ටිකෙන් ටික රටේ ආර්ථික පරිහානිය ඇතිවෙලා තියෙනවා. ආර්ථික පරිහානියට හේතු වුණු වංචාව, දූෂණය... පහුගිය දවස්විල කොරන්නාවරය උවදුර පවා ඔවුන් තමන්ගේ කොමිස් ලාභ සඳහා පුද්ගලික අර්ථ ලාභය සඳහා යොදා ගත්ත හැටි අපි පැහැදිලිව ම දැක්කා.

පොහොර පිළිබඳව සිදු කළ වංචනික තත්වය අද ජාතිය හමුවේ සමාව පත්වෙලා තියෙනවා ගෝඨාභය මැතිතුමා. ඒ එකක් විතරයි. හැම පියවරක් ම අසාර්ථකයි. ගෝට්ඨාසය රාජපක්ෂ මහත්තයා ජනතාව ඉදිරියේ එක කරුණක් නොවෙයි තැබූ සෑම පියවරක් සම්බන්ධයෙන් ම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි. සමාව ඉල්ලීමෙන් විතරක් ඒ කාරණය සම්පුර්ණ වෙන්නේ නැහැ."

පසුගිය දා මහා නාහිමිවරුන් ගත් තීරණය නිවැරදි බව ද උන්වහන්සේ එහිදි පැවසූහ.

ජනාධිපතිවරයා තමන්ගේ බලතල පරිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කළ යුතු බව ත් සියලු පක්ෂි වල නියෝජනයෙන් අන්තර්වාර පාලනයක් ඇති කරගත යුතු බව ත් එමගින් අවධාරණය කර තිබුණු බව උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ, ඊට ජනාධිපතිවරයා සවන් නොදුන් බව ත් පසුව නැවත ත් මහ නා හිමිවරු විසින් ලිපියක් ඔහු වෙත යොමු කරනු ලැබූ බව ත් ය.

කෙසේ වෙතත්, ඊට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව උන්වහන්සේ පැවසූහ.

පසුව පසුගිය 27 වන දා තමන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්ස්ලා 6 නමක් අගමැතිවරයා හමු වී මහ නායක හිමිවරුන්ගේ නියෝගය පරිදි ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාට සෘජුව ප්‍රකාශ කළ බව උන්වහන්සේ සඳහන් කළහ.

"අගමැතිතුමා කිව්වා ඔවු ස්වාමීනි, මම් අයින්වෙනවා. හැබැයි, මා මේ තනතුරෙන් ඉල්ලා අස්වුණාට පස්සේ ඇතිවන රික්තය පුරවන්නේ කෙසේ ද? එතකොට මහා සංඝයා වහන්ස්ලා කිව්වා ඒක පුරවන්න පාර්ලිමේන්තුවට බලය දෙන්න, ඔබතුමා අස්වෙන්න. අයින්වුණාට පස්සේ පාර්ලිමේන්තුවෙන් ඒ අඩුව පුරවයි. නැවතත් අගමැතිතුමා කිව්වා, නෑ! එහෙම වෙන්නේ නෑ! මේගොල්ලෝ වාද භේද කර ගන්නවා, කවුරු හෝ නියෝජිහයෙක් ඒකමතිකව පත් කරගන්න. ඊට පස්සේ ඒ මොහොතේ මම ඉල්ලා අස් වෙනවා කියලා."

කෙසේ වෙතත්, ඊට පැය තුනකට පෙර අගමැතිවරයා, කවුරු ප්‍රකාශ කළ ද තමන් ඉල්ලා අස් නොවන බවට ප්‍රකාශ කර තිබුණු බව ත් අගමැතිවරයා එම අභියෝගය කළේ, මහ නායක ස්වාමින්වහන්සේල්ලාට බව ත් උන්වහන්සේ පැවසූහ.

"අගමැතිතුමා ඒ අභියෝගය කළේ මහා නායක මා හිමියන් වහන්සේලාට මිසක් අපට නොවෙයි. අපි මේ සාමාන්‍ය සුළු මුලාදෑන්. මහ නායක හාමුදුරුවෝ මට අවෙන්න කියනවා, මම් අන්වෙන්නේ නැහැ. ඕය එක එකෙන් කියන හැටියට මම අවෙන්නේ නෑ කියලා අගමැතිවරයා කියනකොට, මේ දක්වා බැඳුණු පිරිත් නූල්, ශාපයක් බවට පත්වෙන්නේ නැද්ද?"

උන්වහන්සේ අවධාරණය කළේ, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මහ නා හිමිවරුන් කළ ඉල්ලිමට එකඟ නොවූ බව ය.

මේ වන විට ආණ්ඩුවේ මහ බලවතා බවට පත්ව ඇත්තේ මුදල් අමාත්‍ය අලි මහතා බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදි තවදුරට ත් අදහස් දක්වමින් පැවසූහ.

"අද මුළු ආණ්ඩු වේ ම මහ බලවතා බවට පත් වෙලා තියෙන්නේ, අලි සබ්‍රි. අලි සබ්‍රිට රටේ සියලු ම පාලන බලය සම්බන්ධ වගකීම් දීලා තියෙන්නේ දැන්. මුදල් අමාත්‍යාංශය කියන්නේ සමස්ත රටේ ම මුදල්. හිඟන රටක් උනත් පාත්තරේ තියෙන සත පහ දහය ත් කන්න, වංචා කරන්න පුළුවන් තත්ත්වයට දැන් සකස් කරලා තියෙනවා. ඒත් එක්ක ම අධිකරණ ඇමැතිකමක් දිලා තියෙනවා. අධිකරණ ඇමතිකමින් අවුණු මිනිහා ආයෙත් මොකට ද ඔතනට දාන්නේ?

අපිට තේරෙනවා හේතුව මොකක් ද කියලා. රාජපක්ෂ පවුල මේ දක්වා කරගෙන ආ සියලු වංචා, දූෂණ, හොරකම් වහං කරලා ඔවුන් බේරා ගැනීමේ කොන්ත්‍රාත්තුව තමයි අලි සබ්‍ කරන්නේ. ඒකට වන්දිය මේ ගෙවන්නේ . අද මුළු රට ම අලි සබ්‍රී නමැති පුද්ගලයාගේ හිරකාරයෝ බව ට පත් වෙලා."

උන්වහන්සේ අවධාරණය කළේ, ජනාධිපතිවරයා රටේ වගකීම් ඉටු කළ නොහැකි තත්ත්වයට අසමත් වී ඇති බව ය.

"ධර්මානුකූලව රටේ ජනතාවට ආරක්ෂාව සැපයීම, රටේ ජනතාවගේ ජීවන ක්‍රමය සුරක්ෂිත කිරීම, ජීවත් වීම සුරක්ෂිත කිරීම සඳහා වූ රජයේ වගකීම සමිපූර්ණයෙන් ම දැන් පැහැර හැරිලා තියෙනවා. රජය ෆේල්.

ගෝඨාභය මහත්තයෝ, මහින්ද රාජපක්ෂ මහත්තයෝ ඔබ දීපු සියලු ම පොරොන්දු අද අල පත ජලය සේ් ගිලිහී ගිහිල්ලා. ඔබ ෆේල්. මේ අසමර්ථතාව පිළිගන්න. මේ අසමර්ථතාව පිළිගෙන පූජනීය මහා නායක මාහිමි වහන්සේලෝගේ නියමය පිළිගන්න." මහ නායක ස්වාමින්වහන්සේල්ලා දැනුම් දුන් පරිදි කටයුතු නොකරන්නේ නම්, දිවයිනේ ම මහා සංඝයා වහන්සේල්ලා දැනුවත් කර ඒකාබද්ධ සංඝ සම්මුතියක් මගින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරහිව දැඩි පියවරක් ගන්නා බවට උන්වහනල්ලා දන්වා ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදි අනතුරු ඇඟවූහ.

පසුගිය වසර පහ තුළ නිදහස් දින සැමරුමකට වියදම් කළ වැඩි ම මුදල "74 වන නිදහස් සැමරුම වෙනුවෙන් ආණ්ඩුව රු. මිලියන 95ක් වැය කරලා"


රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක මේ වසරේ පැවති 74 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා රජය රුපියල් මිලියන 95කට ආසන්න මුදලක් වැය කර ඇති බවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගත් කරුණුවලින් අනාවරණය වී තිබේ.

මෙය පසුගිය වසර පහ තුළ නිදහස් දින සැමරුමකට වියදම් කළ වැඩි ම මුදල යි.

ඒ අනුව කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා රුපියල් මිලියන 94.7ක් වැය කර ඇතැයි අදාළ තොරතුරුවලින් අනාවරණය වී ඇත.

එම තොරතුරු අනුව, 2021 වසරේ නිදහස් සැමරුම වෙනුවෙන් වැය කළ මුදලට සාපේක්ෂාව රුපියල් මිලියන 15කට ආසන්න මුදලක් මෙවර උත්සවය වෙනුවෙන් වැය කර තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම මුදලට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව (Department of Government Factory) සිදු කළ වේදිකාව සැකසිම, කොඩි කණු බෙදාදිම සහ රතු පලස නිකුත් කිරීම සඳහා වැය කළ රුපියල් මිලියන 37ක්, සංස්කෘතික ප්‍රදර්ශන පා ගමන පැවැත්විම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැය කළ රුපියල් මිලියන 19ක් ඇතුළත් වේ.

මීට අමතරව ජංගම වැසිකිළි පහසුකම් සඳහා රුපියල් මිලියන 15ක් ද, සත්කාරක වියදම් සඳහා රුපියල් මිලියන 2ක් ද, ඩිජිටල් තිරයක් සඳහා රුපියල් මිලියනයක් ද වැය කර ඇත.

ඊට අමතරව විදුලිය සඳහා රුපියල් මිලියන 11ක් ද, ජල පහසුකම් සඳහා මිලියන 2ක් ද ශබ්ද පද්ධති සහ පුටු සඳහා රුපියල් මිලියන 2ක් ද යොදවා වැය කර තිබේ.

මෙම තොරතුරු දැන ගැනිමේ අයැදුම්පත පෙබරවාරි 7 වන දින රාජ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අතර පිළිතුර පරිපාලන අතිරේර්ක ලේකම්, රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිලධාරී P.S.P. අබේවර්ධන යන අය විසින් අප්‍රේල් 20 වන දින ලබා දෙන ලදි.


• රින් අලි

ගාලු මුවදොර අරගලයට සහය දක්වන්න මලල ක්‍රීඩකයෙක් නුවරඑළියේ සිට කොළඹට පා ගමනක් අරඹයි


ජාතික මලල ක්‍රීඩකයෙකු වන මනිවේල් සත්‍යශිලන් මහතා කොළඹ, ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති විරෝධතාවට සහය දැක්වීම සඳහා අද (අප්‍රේල් 30) නුවරඑළිය නගරයේ සිට පා ගමනක් ආරම්භ කර තිබේ.

නුවරඑළිය, රාගල නගරයෙන් අද උදෑසන 10.00ට ගමන් ආරම්භ කළ ඔහු නුවරඑළිය, හැටන්, ගිනිගත්හේන සහ අවිස්සාවේල්ල යන නගර හරහා කිලෝමීටර් 175ක් දුර මෙලෙස පා ගමනින් පැමිණීමට නියමිත ය.

2002 වසරේ ඇවිදිමේ තරග සහ මීටර් 3,000 ධාවන තරගවලට සහභාගි වී ඇති ඔහු ආසියානු තරග කිහිපයකට ම සහභාගි වූ ක්‍රීඩකයෙකි.

මනිවේල් සත්‍යශීලන් මහතාට සහය දැක්වීම සඳහා ඔහුගේ බිරිඳ වන වලපනේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිනී සමුගම් දේවප්‍රිය මහත්මිය ද සිය අවුරුදු 1 1/2ක් වයසැති පුතු සමග ත්‍රිරෝද රථයකින් ඔහු පසුපසින් ගමන් කරමින් ඇත.


• රංජිත් රාජපක්ෂ - හැටන්

ජනපතිට යැවූ ලිපියේ අස්ගිරි මහ නා හිමි තැබූ අත්සන ගැන පැහැදිලි කිරීමක්


ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් විසින් පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියට අස්ගිරි මහ නා හිමියන් විසින් සිය අත්සන තබා ඇත්තේ කැමැත්තෙන් ම බව අස්ගිරි මහා විහාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම විහාරය මේ බව සඳහන් කර තිබේ.

අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහ නා හිමියන්ගේ අත්සන සම්බන්ධයෙන් මේ වන විට පැන නැගී ඇති මත පිළිබඳ මහ නා හිමියන්ගේ පෞද්ගලික ලේකම්, ආචාර්ය මුරුදෙණියේ ධම්මරතන හිමියන් විසින් පැහැදිලි කිරීමක් කරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

අදාළ නිවේදනය මගින් උන් වහන්සේ සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු විසින් රාජ්‍ය බුද්ධි සේවාවට පැමිණිල්ලක් කරනු ලැබ ඇති බව ය.

එමෙන් ම, මාධ්‍ය තුළ පළ වන මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවෙකු අතිපූජ්‍ය මහ නා හිමියන්ගේ කාර්යාලයෙන් කිසිදු විමසීමක් කර නැතැයි ද අදාළ නිවේදනයේ උන්වහන්සේ සඳහන් කර තිබේ.

සත්‍ය අසත්‍යාව නිසි පරිදි විමසිමකින් තොරව එවැනි කරුණු සමාජගත කිරීම බරපතළ වරදක් බව උන්වහන්සේ එමගින් වැඩිදුරට ත් අවධාරණය කර ඇත.

ආණ්ඩුව ගැන කලකිරී නියෝජ්‍ය කතානායක ඉල්ලා අස් වේ.


අද (අප්‍රේල් 30) සිට ක්‍රියාත්මක වන පරිදි තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙරට ආර්ථිකයේ ඉදිරි තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්සය අද පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසිය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත්වී ස්වාධින වීමට තීරණය කළ පසු නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් විමට තමන් මිට පෙර තීරණය කළ බව ඔහු පැවසිය.

ඔහු සඳහන් කළේ, එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ද තවමත් එය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරනු ලැබ නොමැති බව ය.

අනතුරුව යළි ත් ඊයේ (අප්‍රේල් 29) දිනයේදි එහි පිටපත් දෙකක් ජනාධිපතිවරයා වෙත සහ කතානායකවරයා වෙත යොමු කළ බව ඔහු පැවසීය.

ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

පසුගිය දා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දිමෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, තමන් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කරන්නේ අප්‍රේල් මාසය තුළ පමණක් බව ය.

ඒ හේතුවෙන් එළඹෙන 4 වන දින පාර්ලිමේන්තු සැසියේදි සිදු කළ යුතු පළමු කාර්යය වන්නේ, නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කර ගැනීම බව ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව ගත් තීන්දු තීරණ පිළිබඳව ද දිර්ඝ වශයෙන් පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ, රටේ ආර්ථික තත්ත්වය ඉදිරියේදී තවදුරට ත් අසීරු වනු ඇති බව ය.

එම තීරණවලින් රටේ "ආර්ථිකය කඩා වැටුණු ආකාරය" පිළිබඳව ද ඔහු එහිදී පැහැදිලි කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවර ණය ලබා දිමේදි අප රටට ණය යළි ගෙවිමේ ප්‍රවණතාව පිළිබඳව ද යම් අවපාතයක් පවතින බව ක් මේ වනවිට එහි ණය ගෙවීමේ ප්‍රතිශතය සියයට 170ක් ආසන්න කර ඇති බව ක් ඔහු පැවසිය.

ඔහු ප්‍රකාශ කළේ, මෙරට ණය ගෙවීම අසීරු අඩියක පවතින බව ය.

වත්මන් රජය බලයට පත් වූ පසු කළ පළමු වරද රාජ්‍ය ආදායම අඩු කරගෙන, වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 3ක මුදල් මුද්‍රණය කිරීමට කටයුතු කිරීම බව ඔහු පැවසිය.

ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුමක් ඇති අයෙකු පවා දන්නා කාරණයක් වන්නේ, මුදල් අච්චු ගැසූ විට නියත වශයෙන් රට තුළ මූල්‍ය අවපාතයක් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු වැඩිදුරට ත් අවධාරණය කළේ, මෙම තත්වය පාලනය කිරීමට නම් සෑම බැංකුවක් ම බැංකු පොළී අනුපාත වැඩි කළ යුතු අතර, එම අවස්ථාවේදි ද මෙරට මහ බැංකුව කළේ, සිය පොළී අනුපාත පහළ දැමීම බව ය.

අරගල භූමියෙත් මැයි රැලියක්


'ගෝඨා ගෝ හෝම්” මැයෙන් කොළඹ ගාලු මුවදොර පිටිය අසලට රැස්වූ රාජ්‍ය බලය අත්අරිනනැයි ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වන තරුණ පිරිස ද ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව විවිධ සංස්කෘතික අංග රැසක් සහ පා ගමනක් හෙට (මැයි 1) සංවිධානය කර ඇත.

සංගීත වැඩසටහන්, ප්‍රාසාංගික කලා, නාට්‍ය ආදී විවිධ අංගයන්ගෙන් නිර්මාණාත්මක ලෙස සිය විරෝධතා ප්‍රකාශ වන පරිදි මැයි දින සැමරුම සංවිධාන කර ඇතැයි එහි සංවිධායකයෙක් පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට අප්‍රේල් 9 වන දා පැමිණ සිය විරෝධය ආරම්භ කළ මෙම තරුණ පිරිස සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රද ගාලු මුවදොර පිටියේදී සිදු කළහ.

හෙට දිනය වන විට ගාලු මුවදොර ජනතා විරෝධයට දින 23කි.


මේනක ගමගේ

රජයේ සුරාබදු ආදායම ඇනහිටින ලකුණු සහ එය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට ද බලපායි ලු !


දේශිය මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් රට තුළදි නිෂ්පාදනය කර ගැනීමට දැඩි බාධාවක් මතුවීම තුළ ඉදිරියේදි මත්පැන්වලින් ලැබෙන සුරාබදු ආදායම රජයට නොලැබී යාමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

මේ තත්ත්වය මගහැර නොගතොත් සුරාබදු ආදායමෙන් රජය මාසිකව සිදු කරන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීම් ඇතුළු වියදම් කිහිපයක් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වන බව ද එම ආරංචි මාර්ගයන් පෙන්වා දෙයි.

සෙවණගල, පැල්වත්ත, හිඟුරාන, ගල්ඔය, හංවැල්ල යන ප්‍රධාන ස්කාගාර පහක් ආශ්‍රිතව දේශීය මත්පැන් නිෂ්පාදනය කරන අතර අදාළ මත්පැන් නිෂ්පාදන පෞද්ගලික සමාගම් මේ වන විටත් එතනෝල් නිෂ්පාදනය සඳහා වන බාධාවන් පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුව හා අදාළ බලධාරීන් දැනුවත් කරමින් මෙම අනතුරු ඇහවීම සිදු කොට ඇති බව ද වාර්තා වේ.

එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කෙරෙන අතර ඩොලර් හිහය මත එම් ගෙන්වීම්වලට බාධාවක් මතුව ඇති බව ද වාර්තා වේ.

එසේ ම, ස්කාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන හිඟවීම ද මෙම මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද සඳහන් වේ.

එසේ ම, මේ තත්වය පිළිබඳ සුරාබදු දෙපාර්තුමේන්තුව ද මුදල් අමාත්‍යාංශය දැනුවත් කොට ඇති බව ද වාර්තා වේ.

ඉකුත් වසරේ (2021) අපේක්ෂිත වාර්ෂික සුරාබදු ආදායම රුපියල් කෝටි 16,000ක් බව ත් කොරෝනා පැතිරයෑම හේතුවෙන් එයින් රුපියල් කෝටි 2,700ක සුරාබදු ආදායමක් අහිම් වූ බව ත් සුරාබදු කොමසාරිස්චරයා පසුගිය දා රාජ්‍ය ගිණුම් කාරක සභාවට දන්වා තිබිණි.

රජය මෙම එතනෝල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදි මත්පැන් නිෂ්පාදනයට බාධාවක් ඇති වී දේශීය මත්පැන් නිෂ්පාදනය ඇනහිවිය හැකි අතර ඉන් රජයට විශාල බදු මුදලක් අහිම් වනු ඇති බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට ද සෘජුව බලපානු ඇත.


චාමර අමරසූරිය

ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු ඩොලර් බිලියනයක ණය සහනයෙන් මෙරටට අවශ්යං අත්යණවශ්යය ආහාර ද්රනව්යම තවමත් ලබාගෙන නැතැයි - ඉන්දියාවෙන් චෝදනා


ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ඩොලර් බිලියනයක ණය සහනය යටතේ මෙරටට ලබාගත හැකි ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තවමත් ලබාගෙන නැතැයි ද ඊට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ වගකීම් විරහිතභාවය බලපා ඇතැයි ද තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ක්‍රියාකළ යුතු ඇතැම් රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුකරණයේ හටගෙන ඇති අර්බුදයට මුවා වී රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීමෙන් මෙම තත්වය නිර්මාණය වී ඇතැයි ප්‍රකාශකයෙක් පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩගෙන් ද කරුණු විමසා ඇත.

පසුව මිලින්ද මොරගොඩ මහතා මේ සම්බන්ධයෙන් කරුණු දැනුම්දීමෙන් අනතුරුව අදාළ රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා අවවාද කර ඇතැයි ද වාර්තා වේ.

ඉන්දිය රාජ්‍ය බැංකුව ණය පහසුව සපයන අතර මුදල් අමාත්‍යාංශය මෙම ණය මුදල යටතේ ගෙන්විය හැකි භාණ්ඩ තීරණය කරයි.

ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් වෙනම ඇති අතර මේ වනවිට එයින් ඩොලර් මිලියන 468ක ඉන්ධන ඉන්දියාවෙන් මිලට ගෙන අවසන් බව පැවසේ.


මේනක ගමගේ

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ !


පසුගිය දා දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශ 31ක රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාර සංශෝධනයකට ලක් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක සහ ආපදා කළමනාකරණය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට සංස්කෘතික හා ප්‍රාසාංග කලා යන රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළත් කර තිබේ.

තව ත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථ ද ඒ අනුව සංශෝධනය කර ඇත.

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට !


ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කරමින් අතිවීශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ලැබේ.

ඒ යටතේ, පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4යි ශත 16ක් වනු ඇති අතර ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83යි ශත 71ක් වනු ඇත.

“අරක්කු මිල වැඩි නොකර, තෙල් මිල වැඩි කරන රහස මොකක් ද?”


අරක්කු මිල ඉහළ නොදමා තෙල් මිල ඉහළ දැමීමේ රහස කුමක් දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හියෝ පවසති.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 30) පස්වරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති සංඝ සම්මුතියක් සඳහා වූ මහා සංඝ සමුළුව අමතමිනි.

"ජොන්ස්ටන් ඇමතිතුමා... එතනෝල් ලංකාවට ගේන්නේ කවුද? වයඹ හාමුදුරුවරු, කුරුණෑගල හාමුදුරුවරු දන්නවා මෙතන මොන තරම් ෆැක්ටරි ටිකක් තියාගෙන ද මේ රටට මිනිස්සුන්ට අරක්කු පොවන්? අරක්කු මිල වැඩි කරන්නේ නැහැ. තෙල් මිල වැඩි කරනවා. රහස මොකක් ද කියල මහින්ද මහත්තයාගෙන් අපි අහනවා."

එහිදී වැඩිදුරට ත් අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණයේ කළේ එක් පුද්ගලයෙකුට, දෙදෙනෙකුට, පවුලකට හෝ පන්ති යකට රට පාවා දිමට මහා සංඝරත්නය තව දුරට ත් ඉඩ නොතබන බව ය.

වර්ජකයින් අමාරුවේ දාන්න බලශක්ති ඇමති කළ දේ !


ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහා විවෘත කරන ලෙසට ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දුන් බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේෂ්කර මහතා පවසයි.

ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙසට ද උපදෙස් දුන් බව අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය, රජය සතු බවුසර්, ඉන්ධන පිරවුම්හලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික කුලියට ගත් බවුසර් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව ය.

අද (අප්‍රේල් 30) සවස 4.00ට බෙදා හැරීම සඳහා භාවිත කරන ලද මුළු බවුසර් ගණන 381ක් බව ඔහු සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා සිය විවිටර් පණිවිඩයේ තවදුරට ත් සඳහන් කර ඇත්තේ සුපර් ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තොග වශයෙන් පවතින බව ය.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් සැපයීම සීමා කර ඇති බව ඔහු වැඩිදුරට ත් එහි සඳහන් කර ඇත.



ශ්රී ලංකාවේ හෙලිකොප්ටර් නියමුවෝ 50ක් පිටරට තෙල් ආකරවල වැඩ !


ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්රාම ගොස් සිටින හෙලිකොප්ටර් නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විවිධ මෙහෙයුම් කටයුතුවලට යොදවා ගන්නා හෙලිකොප්ටර් යානාවන්හි නියමුවන් ලෙස බඳවාගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව ශ්රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන් තවත් පිරිසක් ඕමානය ඇතුළු රටවල් කිහිපයක පොලීසි භාවිත කරන හෙලිකොප්ටර් යානාවල නියමුවන් ලෙස බඳවා ගෙන ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග ගුවන් හමුදාවෙන් විශ්රාම ගිය තාක්ෂණ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක්ද විදේශ ගුවන් සේවයන්හි ගුවන්යානා නඩත්තු කටයුතු සඳහා සම්බන්ධ කරගෙන ඇතැයි ප්රකාශ කරයි.
එම පිරිස මෙසේ බඳවා ගෙන ඇත්තේ ඔවුන්ගේ පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම සැලකිල්ලට ගෙන බවත් මෙම පිරිස් මාර්ගයෙන් මෙරටට ඩොලර් විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් ගුවන් හමුදාව පවසයි.
මේ අතර අප්රිකාවේ සාමසාධක රාජකාරි සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන් දස දෙනකු පමණ හෙලිකොප්ටර් කිහිපයක්ද සමඟ රාජකාරියේ යොදවා සිටින බව පවසන ගුවන් හමුදා මූලස්ථානය එමගින්ද ඩොලර් කෝටි දොළොහක් පමණ දැනටමත් ලැබී ඇතැයි සඳහන් කරයි.
ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්රාම ගිය තාක්ෂණ ශිල්පීන් රැසක් මෑත කාලයේදී විදේශයන්හි දුම්රියවල අලුත් අලුත්වැඩියා කටයුතු සඳහාද බඳවා ගෙන ඇති බව ගුවන් හමුදා ප්රධානීහු පවසති.


සුජිත් හේවාජුලිගේ

ඉගෙන ගන්න පිටරට යන අයට ඩොලර් දෙන්නැයි මහ බැංකුව බැංකුවලින් ඉල්ලයි !


අධ්යාපන හා සෞඛ්ය අවශ්යතා සඳහා විදෙස්ගත වන්නන් වෙනුවෙන් අවශ්ය විදේශ විනිමය ලබාදීමට කටයුතු කරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“දෙමව්පියන් තමන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නවා නම්, ඒගොල්ලන්ට මුදල් යවන්න තියෙනවා නම්, බැංකුවලින් මේ මුදල් දෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. එතකොට ඒගොල්ලන්ට පිටත තියෙන වෙළෙඳපොළට ගිහිල්ලා කීය හරි දීලා ගන්න වෙනවා.“
“ඒ නිසා අපි බැංකුවලින් ඉල්ලීමක් කරලා තියෙනවා විශේෂයෙන් අධ්යාපන සහ සෞඛ්ය අවශ්යතා සඳහා විදෙස්ගතව වියදමක් කිරීමට සිදුවන අත්යාවශ්ය මානුෂීය හේතූන් මත කරන්න තියෙන වියදම්වලට, විශේෂයෙන් සුළු මුදල්, ඩොලර් 10,000 ක්, 5,000 ක් වගේ මුදල්, එැ්වා හැම එකක්ම බැංකු ක්රමය තුළින් ලබා දෙන්න කියලා.“

විරෝධතාකරුවන් බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැඳ දමයි.!


ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට අදට දින 21කි.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට එක්වූ විරෝධතාකරුවන් ඊයේ (29) මධ්යම රාත්රිය පහන්වන තුරුම අරගල භූමියේ රැඳී සිටිමින් විවිධ විශේෂාංග සංවිධානය කර තිබුණි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වැටෙහි සවිකර තිබූ විරෝධතා පුවරු ආරක්ෂක අංශ අද අලුයම ඉවත් කර ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දුනි.
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවේ දෑස් කළු පටියකින් බැඳ දැමීමට අයෙකු කටයුතු කර තිබුණි.
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක්ද පාගමනින් පැමිණ අද අරගලයට සිය සහාය පළ කළේය.
විදෙස්ගත ශ්රී ලාංකිකයින්ගේ ආධාර මත අරගල භූමියේ සිටින පිරිස් සඳහා ආහාර පාර්සල් බෙදාදීමක් ද සිදුවිය.
වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරි කමිටුව සංවිධාන කළ විරෝධතා පාගමනක්ද අද පස්වරුවේ ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්වුණි.
මේ අතර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් වන ලෙස බලකරමින් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව ද තවදුරටත් ක්රියාත්මකය.
අද පෙරවරුවේ පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පදික වේදිකාවේ නවතා තිබූ බස්රථවල ප්රදර්ශනය කළ විරෝධතා පුවරු ගලවා දැමීමත් සමග නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.
එමෙන්ම උපවාසයේ නිරත තරුණයින් තිදෙනාට අව්රශ්මිය වැළැක්වීම සඳහා සවිකර තිබූ ආවරණයද ගලවා දැමීමට මෙහිදී පොලිසිය කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් විරෝධතාකරුවන් ප්රධාන මාර්ගයේ හිඳ සිය විරෝධය පළ කළේය.
විරෝධතාවයේ සිටි තරුණයෙකුට කිසියම් අයෙකු පහරදීමක් සිදුකර තිබූ අතර ඔහුව ගිලන්රථයක් මගින් රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.
උපවාසයේ නිරත තරුණයින් තිදෙනාගේ සෞඛ්ය තත්ත්වය පරීක්ෂා කිරීම ශ්රී ලංකා රතු කුරුස සංවිධානයේ වෛද්යවරුන් අද සිදුකළ අතර එහිදී එක් අයෙකුට උපවාසය අවසන් කරන ලෙසට වෛද්යවරුන් උපදෙස් දී තිබේ.
මෙම විරෝධතාවයේ නිරත පිරිසට එල්ල වන පීඩාවන් සම්බන්ධයෙන් විමසීම සඳහා නීතිඥවරුන් පිරිසක් විරෝධතාකරුවන් සමග අද කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණියේය.
එහිදී අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ,
"අරලියගහ මන්දිරයේ ශබ්ද විකාශන යන්ත්ර භාවිතයට අදාළ බලපත්ර අපි අද කොල්ලුපිටිය පොලීසියෙන් ඉල්ලුවා. එයාලා ගාව බලපත්රයක් නෑ කියලා කිව්වා. කොල්ලුපිටිය පොලීසිය තවදුරටත් මේ අනීතික කටයුත්ත නතර කරන්නේ නැත්තම් අරලියගහ මන්දිරය ඉදිරිපිට කරන උද්ඝෝෂණය කොල්ලුපිටිය පොලීසිය ඉදිරියට අරගෙන එනවා."

Friday, 29 April 2022

IMF ගිහින් මොකද වුණේ?: මහ බැංකු අධිපති කියන කතාව !


ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට හැකි වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (අප්‍රේල් 28) ලංකා වාණිජ මණ්ඩල කමිටුව අමතමිනි.

ඒ සඳහා සාර්ව මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපනය කිරීමේ කටයුතු ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බව ත් ඊට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

හදිසි ආර්ථික ගැටලු විසඳීම සඳහා අතිරේර්ක ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවක් ලෙස පවතින බව ත් රජයේ සුරැකුම්පත් සහ ශ්‍රි ලංකා සංවර්ධන බැඳුම්කර ආකාරයෙන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බව ත්,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා කඩිනම් කිරීම සහ තිරසාර ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ප්‍රමුඛතාව වන අතර ම, දේශපාලන පසුබිම කුමක් වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගය දිගට ම කරගෙන යන බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන් ම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදි සියලු ම ණය හිමියන්ට සමානව සලකන බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඉහළ යන ජීවන වියදමත් සමග සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.

ඒ සඳහා, ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික නියෝජිතායතන, ජනගහනයේ අවදානමට ලක්විය හැකි කොටස් සඳහා ආධාර කිරීමට ඇති අරමුදල් නැවත වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහය ඉල්ලා සිටින බව ය.

අරලිය ගහ මන්දිරය “පිරිත අවභාවිත කිරීමට” එරෙහිව මහා සංඝ රත්නයේ දැඩි විරෝධය !


මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් අරලිය ගහ මන්දිරය ආසන්නයේ කඳවුරු බැඳගෙන සිටින විරෝධතාකරුවන්ට බාධා වන අයුරින් මහ හඬින් පිරිත් දමා තිබිම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ දැඩි විරෝධය පළ කළහ.

අද කොළඹදී පැවති සර්ව ආගමික නායකයින්ගේ මාධ්‍ය හමුවකදී උන් වහන්සේ ප්‍රකාශ කළේ, මෙය පිරිත් අවභාවිත කිරීමක් බව ය.

"අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විශාල පිරිසක් ඒකරාශී වෙලා කඳවුරු බැඳගෙන ඉන්නවා අගමැතිවරයාට ගෙදර යන්න කියල. ඔවුන්ට බාධා කරන්න අද පාර දිගේ දෙපැත්තෙ පේමන්ට්වල බස් නවත්තලා, ඒ වගේ ම පිරිත අවභාවිතයට පත් කරලා තියෙනවා. ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න නේ. මෙතෙක් කාලයක් අරලිය ගහ මන්දිරයෙන් කොළඹට නෑසුණු පිරිත් දැන් විශේෂයෙන් පිරිත බාධාවක් බවට පත් කරලා අප්‍රසන්න කරලා ඒක ආයුධයක් බවට පත් කරලා තියෙන එක ගැන මහා සංඝ රත්නයේ විරෝධය ජාතිය ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා."

“මහා සංඝරත්නයේ ඉල්ලීමට ත් අවනත වෙන්නේ නැත්නම් ප්‍රතිඵල භයානක වේවි” – පාහියන්ගල ආනන්ද හිමි


මහා සංඝ රත්නයේ ඉල්ලිමට ද අවනත නොවී අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම්, ඉදිරි ප්‍රතිඵල භායනක විය හැකි බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අනතුරු අඟවකි.

අද පැවති සර්ව ආගමික මාධ්‍ය හමුවේදි උන්වහන්සේ පෙන්වා දුන්නේ, සියලු පක්ෂ කැඳවීමට පෙර ජනාධිපතිවරයා සතු බලතල භාවිත කර දැනට උද්ගත වී ඇති සියලු ප්‍රශ්න විසඳිය හැකි බව ය.

අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

"එක පයින්, එක ඉරෙන් අගමැතිවරයා ගෙදර යැව්වා නම් මේ ප්‍රශ්නය යම් තැනකට ගෙනයන්න පුළුවන්. ඒක කරන්නෙත් නැහැ. ඒක කරන්නේ නැතුව එක දවසක් ගේනවා පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු. තව දවසක් ගේනවා ප්‍රාදේශීය සභාවේ සභාපති ලා. එයාල ගෙනල්ලා කියනවා අරලිය ගහ මන්දිරයට දැන් අත උස්සන්න මම ඉන්න ඕනේ ද? නැද්ද? ඩමි තුනක් දාලා අත උස්සලා කියනවා, හරි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න ඕන. ඔබතුමා නැත්නම් අපි මැරෙනවා වගේ එකක් කියනවා.

ඒක කිවාම මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා, මම යන්නේ නැහැ, මම යන්න සූදානම් නැහැ මට යන්න කියන්නෙත් නැහැ. මම තමයි ජන මතයේ නියෝජනය වගේ එකක් කියල තව දුරටත් දිනෙන් දින පුපුරා පුපුරා ගින් ගන්න මේ අර්බුදය තව දුරට හෝ අර්බුදයෙන් අර්බුදයට ගෙන යන තත්ත්වයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩසටහන ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ.”

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...